පානදුර නව ආසාදිත පොකුරක්
පානදුර – හොරණ මාර්ගයේ පිහිටි ඇඟළුම් කර්මාන්තශාලාවක කොවිඩ් වෛරස ආසාදිතයන් පිරිසක් වාර්තා වී ඇත.
ආසාදිතයින් වාර්තා වීමත් සමග එම කර්මාන්තශාලාව වසා දැමීමට කටයුතු කර තිබේ.
එම කර්මාන්තශාලාවේ සේවය කළ කාන්තාවකට උණ රෝගී තත්වය තිබීම හේතුවෙන් PCR පරීක්ෂණ සිදු කර ඇති අතර එහි දී මෙම කාන්තාවට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇත.
මේ හේතුවෙන් කර්මාන්තශාලාවේ සෙසු සේවකයන්ට ද PCR පරීක්ෂණ සිදු කිරීමේ දී ආසාදිතයින් 80 දෙනෙක් වාර්තා වී ඇති බව පානදුර නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා සඳහන් කළේය.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
