මධ්‍යම ප්‍රංශයේ නිවෙසක් තුළ ඇති වූ ආරවුලක් විසඳීමට ගිය පොලිස් නිලධාරීන් තිදෙනෙක්ට වෙඩි
මධ්‍යම ප්‍රංශයේ නිවෙසක් තුළ ඇති වූ ආරවුලක් විසඳීමට ගිය පොලිස් නිලධාරීන් තිදෙනෙක්ට වෙඩි තබා ඝාතනය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
නිවෙසේ ඇති වූ ආරවුලක් හේතුවෙන් එම කාන්තාව තම ජීවිතය බේරා ගැනීමට නිවසේ වහලය මත නැග ඇති අතර සිද්ධිය සම්බන්ධ සැකකරු එම නිවසට ගිනි තබා ඇත. මේ පිළිබඳ විමර්ශනය කිරීමට ගිය පොලිස් නිලධාරීන් තිදෙනෙකුට ද අදාළ සැකකරු වෙඩි තබා ඝාතනය කර ඇති බව වාර්තා වේ.
එම සැකකරුගේ මළ සිරුර ද පසුව හමුවී ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
