සංචාරක හෝටල්වල විදුලිබිල්පත් ගෙවීම සඳහා ලබා දී තිබූ කාලය දීර්ඝ කෙරේ
සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි වී ඇති සංචාරක හෝටල් වල හිඟ විදුලිබිල්පත් ගෙවීම සඳහා ලබා දී තිබූ කාලය දීර්ඝ කර ඇත.
ඒ අනුව හිග විදුලි බිල්පත් ගෙවීම සඳහා වසරක කාලයක් ලබා දීමට විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා ලංකා විදුලිබල මණ්ඩලයේ ජ්‍යේෂ්ඨ නිළධාරීන්ට උපදෙස් දි තිබේ.
කොවිඩ් වසංගතය හේතුවෙන් මීට පෙර හිග විදුලි බිල්පත් ගෙවීම සඳහා 2020 වර්ෂයේ සිට 2021 වසරේ සැප්තැම්බර් දක්වා කාලය ලබා දී තිබුන ද අමාත්‍යවරයා වැඩි දුටත් සඳහන් කළේ එම කාල පරාසය දෙසැම්බර් මස 31 දින දක්වා දීර්ඝ කිරීමට කටයුතු කර ඇති බවයි.
ඒ අනුව අදාළ වසරක කාලය සීමාව තුළ දී සමාන වාරිකවලින් හිඟ විදුලි බිල්පත් පියවීමට හැකියාව ඇති බව වැඩිදුටත් අමාත්‍යවරයා සඳහන් කළේය.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
