දේශීය

කැබිනට් අමාත්‍යවරයෙක් ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිපදෙනෙක් නිරෝධායනයට

අමාත්‍ය සිී බි රත්නායක, රාජ්‍ය අමාත්‍ය ජිවන් තොණ්ඩමන්, නුවරඑලිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මරුදපාණ්ඩි රමේෂ්වරන් සහ නිමල් පියතිස්ස, ස්වයං නිරෝධායනයට යොමු කර තිබේ.

කොවිඩ් ආසාදිත වූ ආගරපතන ප‍්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ඔවුන් සහභාගී වූ රැස්වීම්වලට සහභාගී විම හේතුවෙන් එම පිරිස නිරෝධායනය කර ඇති අතර එම පිරිසට අමතරව නුවරඑළිය සහ කොත්මලේ ප‍්‍රාදේශීය ලේකම්වරුන්ද ස්වයං නිරෝධායනයට යොමු කර තිබේ.

කොටගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී එම් ගනේෂ් මහතා සඳහන් කළේ තලවකැලේ ලිදුල නගර සභාවේ සභාපතිවරයා, ලේකම්වරයා එම නගර සභාවේ සේවකයින් 10 දෙනෙකු සහ ප‍්‍රාදේශීය මාධ්‍යවේදීන් දෙදෙනෙකුද ස්වයං නිරෝධායනයට යොමු කර යුතු බවයි.

පසුගිය 17 දින ආගරපතන ප‍්‍රාදේශීය සභාවේ සභාපතිවරයා මහනුවර පොල්ගොල්ල ප‍්‍රදේශයේ පැවති රැස්විමකටද සහභාගි වී ඇති අතර එම රැස්වීමට සහභාගි වූ නුවරඑලිය, කොටගල, අඹගමුව, නොර්වුඞ්, මස්කෙලිය යන ප‍්‍රාදේශීය සභාවල සභාපතිවරුන් ද ස්වයං නිරෝධානයට යොමු කර තිබේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *