දේශීය

තවත් කොවිඩ් මරණ 02 ක්

ඊයේ (22) මෙරටින් තවත් කොවිඩ් මරණ 02 ක් වාර්තා වී ඇත.

මහරගම අපේක්ෂා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි දංකොටුව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 15ක පිරිමි දරුවෙක් මෙලෙස මරණයට පත්ව ඇත. කොවිඩ් වෛරස ආසාදිතයෙක් බවට තහවුරු කර ගැනීමෙන් පසු IDH රෝහලට යවා ඇති අතර එම රෝහලේ දී මරණයට පත්ව ඇති බව වාර්තා වේ.

කොළඹ 07 ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 72 ක කාන්තාවක් මරණයට පත්ව ඇත.නිවසේ දී මෙම කාන්තාව මරණයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව183 ක් දක්වා ඉහළ ගොස් ඇත.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *