බස්නාහිරින් පිටවන පුද්ගලයින්ට රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ කරන ස්ථාන
බස්නාහිර පළාතෙන් පිටවන පුද්ගලයින් සඳහා පසුගිය දින කිහිපයක සිට අහඹු ඇන්ටිජන් පරීක්ෂණ සිදු කිරීම ආරම්භ කර තිබුණී.
මේ වන විට අහඹු ඇන්ටිජන් පරීක්ෂණ සිදු කරන ස්ථාන 11 ක් පොලීසිය විසින් ප්‍රකාශයට පත් කර ඇත.
ඒ අනුව,
- හංවැල්ල සමනල පාලම අසල
- ඉංගිරිය කැටකඩොල්ල පාලම අසල
- නිට්ටඹුව හැලගල ගල අසල
- ගිරිවුල්ල පාලම අසල
- දොම්පේ සමන බැද්ද පාලම අසල
- කොච්චිකඩේ තෝප්පුව අසල
- බඩල්ගම මාකඳුර පාලම අසල
- බෙන්තර පාලම අසල
- කිනියාවල හන්දිය අසල
- අවිත්තාව පාලම අසල
- කලවාන සමන් දේවාලය අසල
යන ප්‍රදේශවල අදාළ පරීක්ෂණ සිදු කරන අතර මීට අමතරව හෙට (24) සිට දක්ෂිණ අධිවේගී මාර්ගයේද මෙම ඇන්ටිජන් පරීක්ෂණ සිදු කිරීමට නියමිත බව වාර්තා වේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
