දේශීය

බිළිඳු දරුවන් මුදලට අලෙවි කළ සැකකරු ඇප මත නිදහස්

බිළිඳු දරුවන් මුදලට අලෙවි කරන ජාවාරමකට අදාළ සැකකරුවෙක් මාතලේ උකුවෙල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබුණි.

47 හැවිරිදි මෙම සැකකරු අලුත උපන් දරුවන් මුදලට අලෙවි කිරීම යන චෝදනාව මත, පොලිස් ළමා හා කාන්තා කර්යාංශය සිදුකළ වැටලීමකදි මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු පිළිබඳ කළ වැඩිදුර පරීක්ෂණ වලදී අනාවරණ වූයේ මෙම පුද්ගලයා අතවරයට හා විවිධ හේතු නිසාවෙන් ගැබ්ගත් කාන්තාවන් අන්තර්ජාලය හරහා ගෙන්වාගෙන එම කාන්තාවන් සමග එකඟතාවයකට පැමිණ  ගිවිසුම්ගත ව දරුවන් බිහිකළ පසු තෙවන පාර්ශවයකට බිළිඳුන් මුදලට අලෙවි කිරීම සිදු කර ඇති බවයි.

අදාළ සැකකරු රුපියල් ලක්ෂ දෙකක ශරීර ඇප දෙකක් මත හා ඇප කොන්දේසිවලට යටත්ව මුදාහැර ඇති බව පොලීසිය සඳහන් කරයි.

කෙසේවෙතත් ලබන ජනවාරි මස 4 වැනි දින සැකකරු නැවත මොරටුව අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත වේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *