දේශීය

25 සහ 26 යන දෙදින පුරා දිවයින පුරා පිහිටි සියලු මත්පැන්හල් වසා දැමේ

එළඹෙන 25 වන දා නත්තල් උත්සවය හේතුවෙන් සිල්ලරට මත්පැන් විකිණීම සඳහා සුරාබදු බලපත්‍ර ලත් දිවයින පුරා පිහිටි සියලුම මත්පැන්හල් වසා තැබිය යුතු බව සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ මහතා නිවේදනයක් නිකුත් කරමින් දැනුම් දී ඇත.

සංචාරක මන්ඩලයේ අනුමැතිය ලත් සුරාබදු (ර.බී. 07) බලපත්‍ර සහිත හෝටල බලපත්‍ර සහ විශේෂ බුටික් විලා බලපත්‍ර ලත් ස්ථාන ඊට ඇතුළත් නොවන බව සඳහන් වේ.

එසේම උඳුවප් පුර පසළොස්වක පෝය දෙසැම්බර් 29 වන දිනට යෙදී ඇති අතර එදින තුළ ද බලපත්‍ර වර්ගීකරණයකින් තොරව දිවයින පුරා පිහිටි සිල්ලරට මත්පැන් විකිණීම සඳහා සුරාබදු බලපත්‍ර ලත් ස්ථාන සියල්ලම වසා තැබීමටද නියෝග කර තිබෙනවා.

2020 වර්ෂයේ මත්පැන්හල් වසා තැබීමය යුතු දිනයන් හී උප ලේඛණය පහතින් දැක් වේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *