දේශීය

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ප්‍රදේශ දෙකක් හුදකලා කෙරේ

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ අභයපුර ප්‍රදේශය හා දිනනගර් ප්‍රදේශය අද (24) උදෑසන 6.00 සිට නැවත දැනුම් දෙනතුරු හුදෙකලා කිරීමය තීරණය කර ඇති බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කර ඇත.

පසුගිය දින කිහිපය තුළ වෛරස ආසාදිතයින් වාර්තා වීම හේතුවෙන් නැගෙනහිර ත්‍රිකුණාමලය ප්‍රදේශය තුළ වෛරසය පැතිරීම වළක්වා ගැනීම සඳහා මෙලෙස හුදකලා කිරීමට තිරණය කළ බවත්, ගත වූ පැය 24 තුළ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයෙන් වෛරස ආසාදිතයින් 18 දෙනෙක් වාර්තා වී ඇති බවත් හමුදාපතිවරයා වැඩි දුරටත් සඳහන් කළේය.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *