ප්‍රදේශ කිහිපයකට අදත් වැසි
ඉදිරි දින කිහිපයේදී උතුරු, නැගෙනහිර සහ උතුරු-මැද ප්‍රදේශවල පවතින වැසි තත්ත්වයේ තාවකාලික අඩුවීමක් දක්නට හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
අද (24) උතුරු, නැගෙනහිර, උතුරු-මැද, සහ ඌව පළාත්වලත් නුවරඑළිය දිස්ත්‍රික්කයේත් වැසි වාර කිහිපයක් ඇතිවන බව හා සවස 1.00න් පමණ පසුව සෙසු ප්‍රදේශවල තැනින්තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව වාර්තා වේ.
මි.මී. 100ට වැඩි තදවැසි සබරගමුව, බස්නාහිර සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවලට ඇතිවිය හැකිය.
ගිගුරුම් සහිත වැසි සමග තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවිය හැකි අනතුරු අවම කර ගැනනීමට ජනතාව අවධානයෙන් කටයුතු කරන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මහ ජනතාව දැනුවත් කර ඇත.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
