දේශීය

මේ වසරේ විෂය කරුණු ආවරණය කර නොමැති පාසල්වලට මාස දෙකක කාලයක්

මෙම වසරට අදාළ විෂය නිර්දේශ ආවරණය කර නොමැතිනම් ලබන වසරේ පළමු මාස දෙක ඇතුළත එම විෂය කරුණු ආවරණය කිරීමට පාසල් මට්ටමින් වැඩපිළිවෙළක් සකස් කිරීමට පියවර ගන්නා ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිවේදනයක් නිකුත් කරමින් සියලු පළාත් බලධාරීන්ව සහ විදුහල්පතිවරුන්ව දැනුවත් කර ඇත.

ඊයේ (23) මෙම වසරේ තුන්වන පාසල් වාරය අවසන් විය.

ලබන වසර සඳහා වන පාසල් වාරය ලබන ජනවාරි මස 11 වනදා ආරම්භ වීමට නියමිතව ඇති අතර එහි දී සියලු පාසල්වල පළමු ශ්‍රේණියේ සිට පස්වන ශ්‍රේණිය දක්වා පන්ති ආරම්භ කිරීමට නියමිත වේ.

කොවිඩ් නිසා හුදකලා කර ඇති බස්නාහිර පළාතේ සහ සෙසු පොලිස් බලප්‍රදේශවල පිහිටි පාසල් ලබන ජනවාරි මස 11 වන දා විවෘත නොකරන බව ද අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කර ඇත.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *