විදේශීය

ඉන්දීය ජනප්‍රිය නළු රජිනිකාන්ත් රෝහල්ගත කරයි

දකුණු ඉන්දීය ජනප්‍රිය නළු රජිනිකාන්ත් රෝහල්ගත කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

පසුගියදා ආරම්භ කරන ලද නව සිනමා පටයක රූගත කිරීම් අතරතුර එහි සේවකයින් සිව්දෙනෙකුට කොවිඩ් ආසාදිතවීම හේතුවෙන් එහි රූගතකිරීම් තාවකාලිකව නවතා දැමුණු අතර ඉන් අනතුරුව රජිනිකාන්ත් වෙත සිදුකර තිබූ PCR පරීක්ෂණයකින් ඔහු කොවිඩ් ආසාදිත නොවන බවට තහවුරු වී තිබූ බවද ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබුණි.

එවනි පසුබිමක් තුළ රජිනිකාන්ත් හදිසියේ හයිද්‍රාබාද් හි ඇපලෝ රෝහල වෙත ඇතුළත් කර තිබේ.

රජිනිකාන්ත් රෝහල්ගත කර ඇත්තේ කොවිඩ් ආසාදිතවීමක් හේතුවෙන් නොව අධික රුධිර පීඩනය හේතුවෙන් බව රෝහල් ආරංචි මාර්ග වැඩි දුරටත් සඳහන් කරයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *