දිස්ත්‍රික්ක කිහිපයකට අදත් වැසි
අද (25) උතුරු, නැගෙනහිර, උතුරු-මැද සහ ඌව පළාත්වල වැසිවාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
සවස 1.00 න් පසුව සබරගමුව පළාතෙත් කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර ඇතැම් ස්ථානවලට මි.මී. 50 ක පමණ තදවැසි ද ඇතිවිය හැකිය.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවරගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
