දේශීය

රුපියල අනවශ්‍ය ලෙස අවප්‍රමාණය වීම වැළැක්වීම සඳහා මහ බැංකුවෙන් පියවර

රුපියල අනවශ්‍ය ලෙස අවප්‍රමාණයවීම වැළැක්වීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව පියවර ගෙන තිබේ.

ඒ අනුව මෙතැන් සිය ශ්‍රී ලංකා මහ බැංකුවේ දේශීය විදේශ විනිමය වෙළෙඳපොළෙහි මෙම උච්චාවචනය පාලනය කිරීමට සුදුසු ක්‍රියාමාර්ග ගනු ඇති බව පෙන්වා දෙයි.

මෙම ක්‍රියාමාර්ගත් අත්‍යවශ්‍ය නොවන ආනයන සීමා කිරීම අඛණ්ඩව පවත්වා ගැනීමත් හේතුවෙන් ඉදිරි දින කිහිපය තුළ දී විනිමය අනුපාතිකය ඉකුත් නොවැම්බර් මස නිරීක්ෂණය කළ අමෙරිකානු ඩොලරයට රුපියල් 185ට වඩා අඩු මට්ටමකට අතිප්‍රමාණය වනු ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව අපේක්ෂා කරයි.

නිල සංචිත ප්‍රමාණවත් මට්ටමින් පවතින බවද ශ්‍රී ලංකා මහ බැංකුව නැවත අවධාරණය කර ඇති අතර දැනට දළ නිල සංචිත ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 5.6ක් වේ.

සංචිත මට්ටම ඉහළ නැංවීම සඳහා මහ බැංකුවේ දේශීය හා විදේශීය හවුල්කරුවන් සමග පවත්වන සාකච්ඡා ද සාර්ථක අවසාන අදියරකට පැමිණ ඇති බවද ශ්‍රී ලංකා මහ බැංකුව වැඩි දුරටත් සඳහන් කරයි.

මෙමගින් ඉදිරි කාලයේදී විනිමය අනුපාතිකයේ ස්ථාවරභාවය පවත්වා ගැනීමට මෙන්ම ශ්‍රී ලංකාවේ ණය නියමිත පරිදි පියවීම සඳහා ද උපකාරී වනු ඇති බවද පෙන්වා දෙයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *