බොර්නෝ ප්‍රාන්තයේ නත්තල් උත්සවයකට වෙඩි තැබීමක් – 7ක් ජීවිතක්ෂයට
නයිජීරියාවේ බොර්නෝ ප්‍රාන්තයේ නත්තල් උත්සවයකට එල්ල වු වෙඩි ප්‍රහාරයකින් පුද්ගලයින් 07 දෙනෙකු ජිවීතක්ෂයට පත්ව තිබේ.
බොකෝහරාම් ත්‍රස්ත සංවිධානය විසින් මෙම වෙඩි ප්‍රහාරය එල්ලකර ඇතිබව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
උත්සවයේ තිබු සියලු දේපළ ත්රස්තවාදීන් විසින් කොල්ලකා ඇති අතර ප්‍රහාරයෙන් කුඩා දරුවන් ඇතුළු පිරිසක් තුවාල ලබා ඇති බව වාර්තා වේ.
කිතුණු තරුණ සංවිධානයක් විසින් නත්තල් උත්සවය පවත්වා ඇති අතර එය සංවිධානය කර තිබු දේවස්ථානයටද ත්‍රස්තයින් විසින් ගිනිතබා තිබේ.
බොකෝහරාම් ත්රස්තවාදීන් විසින් බොර්නෝ ප්‍රාන්තයේ පසුගිය කාලය තුළ වෙඩි තැබීම්, ළමුන් පැහැරගැනීම් ඇතුළු ත්‍රස්ත ක්‍රියාකරකම් රැසක් සිදුකර ඇතිබව විදෙස් වාර්තාවල සඳහන් වේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
