දේශීය

ලබන වසරේ සිට කෘෂි බෝග අපනයනය ඉහළ නැංවීමට වැඩපිළිවෙළක්

ලබන වසරේ සිට කෘෂි බෝග අපනයනය ඉහළ නැංවීමට රජය තීරණය කර ති‌බේ.

මේ වන විටත් ඊට අදාළ සැලසුම් සකස් කර ඇති බව කුඩා වැවිලි බෝග වගා සංවර්ධනය ආශ්‍රිත කර්මාන්ත හා අපනයන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා සඳහන් කරයි.

ඒ අනුව උක්, ‍බඩඉරිඟු, කජු, ගම්මිරිස්, කුරුඳු, කරාබුනැටි, බුලත්, ස්වදේශීක අඹ වර්ග, මඤ්ඤක්කා සහ කටු අනෝදා ඇතුළු බෝග වර්ග රැසක් අපනයනය කිරීම ඉහළ නංවනු ඇති.

එම බෝග වගා කරන බිම් ප්‍රමාණය ද වැඩි කර ඇති බව රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා වැඩි දුරටත් සදහන් කරයි.

ගම්මිරිස් තෙල් නිෂ්පාදනය කර අපනයනය කිරීමට ද රජය තීරණය කර තිබේ.

එම වැඩපිළිවෙළ ලබන වසරේ මුල් කාර්තුවේදී ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පවසයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *