විදේශීය

බ්‍රිතාන්‍යයෙන් හඳුනාගත් නව වෛරස ප්‍රභේදයේ ආසාදිතයෙක් ප්‍රංශයෙන් වාර්තා වේ

කොවිඩ් -19 වෛරසයේ නව ප්‍රභේදයක් බ්‍රිතාන්‍යයෙන් පසු ගිය දිනෙය හඳුනාගත් අතර එම වෛරස ආසාදිතයෙකු පළමුවරට ප්‍රංශයෙන් හඳුනාගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ලන්ඩන් නුවර සංචාරයක නිරතව සිට ප්‍රංශ ජාතිකයෙකුට මෙම වෛරසය ආසාදනය වී ඇති බවත් එම පුද්ගලයා දෙසැම්බර් 19 වනදා ප්‍රංශයට පැමිණ ඇති අතර එහිදී ඔහු නව වෛරසය ආසාදිතයෙක් ලෙස හඳුනා ගෙන ඇති බව ප්‍රංශ සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

කෙසේවෙතත් ප්‍රංශ බලධාරීන් සඳහන් කරන්නේ මේ වන විට එම පුද්ගලයා ස්වයං නිරෝධායනයට යොමුකර ඇති අතර ඔහුගෙන් රෝග ලක්ෂණ පෙන්නුම් නොකරන බවයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *