තියුණු ආයුධයකින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කෙරේ
යාපනය කොඩිකාමම් පූන්තූර් වෙරුම්බුරායි ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කර තිබේ.
පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළේ පාපැදියකින් ගමන් කරමින් සිටියදී අදාළ පුද්ගලයාට තියුණු ආයුධයකින් පහර දීම හේතුවෙන් තුවාල ලබා චාවකච්චේරි රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ඊයේ (25) ඔහු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ මීසාලේ උතුර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
මෙම ඝාතනයට සම්බන්ධ සැකකරුවන් පිළිබඳ තවමත් අනාවරණය වී නොමැති අතර කොඩිකාවම් පොලීසිය ඒ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
