දිස්ත්‍රික්ක කිහිපයකට අදත් වැසි
අද (26) රාත්‍රී කාලයේ සිට උතුරු, නැගෙනහිර සහ උතුරු මැද පළාත්වල වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් බලාපොරොත්තු වියහැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
උතුරු, නැගෙනහිර, උතුරු මැද සහ ඌව පළාත්වල වැසි වාර කිහිපයක් ඇති විය හැකි අතර සබරගමුව පළාතෙත් කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස 2.00න් පසුව ස්ථාන ස්වල්පයක ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවරගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.
සබරගමුව සහ මධ්‍යම පළාත්වල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් ඇතිවිය හැකිය.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
