දේශීය

කොවිඩ් වෛරස ආසාදිතයෙක් පැන යයි

නිවසේ නිරෝධායනය වෙමින් සිටි තරුණයෙක් නිවසින් පළා ගොස් ඇති බව වාර්තා වේ.

සපුගස්කන්ද, මාකොල උතුර, දේවාල පාර ප්‍රදේශයේ පදිංචි 22 හැවිරිදි නිමේෂ් මධුශංකහට PCR පරීක්ෂණයක් සිදු කර ඇති අතර එම පරීක්ෂණයේ ප්‍රතිඵල පැමිණෙන තෙක් ඔහු නිවසේ නිරෝධායනය වෙමින් සිට ඇත.

ඔහු වෛරස ආසාදිතයෙක් බවට තහවුරු වී මෙන් පසු මෙලෙස නිවසින් පැන ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මෙම තරුණයා මත්කුඩුවලට ඇබ්බැහි වූ අයෙක් බවත්, එම වැරදි සම්බන්ධයෙන් බන්ධනාගාර ගතව සිට පැමිණි අයෙක් බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේය.

ඔහු පිළිබඳ  තොරතුරක් ඇත්නම් ළඟම පොලිස් ස්ථානයට දැනුම් දෙන ලෙස පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටී.

දුරකථන අංක-

                      පොලිස් ස්ථානාධිපති සපුගස්කන්ද – 071 8591599/ 011 2400315

                      හදිසි ඇමතුම් අංශය – 011 2 433333/119

එම තරුණයාගේ ඡායා රූපය පහතින් දක්වා ඇත.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *