දේශීය

කහ කිලෝග්‍රෑම් 20,000 ක් සමග සැකකරුවන් 04 දෙනෙක් හුංගම දී අත්අඩංගුවට

ඉන්දියාවේ සිට මෙරටට නීති විරෝධී ලෙස රැගෙන ආ කහ කිලෝග්‍රෑම් 20,000 ක් විශේෂ කාර්ය බළකාය (STF) විසින් අත්අඩංගුවට ගෙන ඇත.

හුංගම, කලමැටිය ප්‍රදේශයේදී සිදු කළ වැටලීමක දී මෙම කහ තොගය සමග සැකකරුවන් 04දෙනෙකු ද අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේය.

විශේෂ කාර්ය බළකාය සහ හුංගම පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදු කරන බව වාර්තා වේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *