ජනවාරි 01 වන දා සිට දිවයින පුරා ඇති සියලුම සිනමා ශාලා විවෘත කිරීමට අගමැතිගේ උපදෙස්
දිවයින පුරා ඇති සියලුම සිනමා ශාලා ජනවාරි 01 වන දා සිට විවෘත කිරීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා උපදෙස් ලබා දි ඇත.
අග්‍රාමාත්‍යවරයා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ නිරෝධායන නීති රීති පිළිපදිමින් සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුගතව සිනමා ශාලා විවෘත කිරීමට අවසර හිමිවන බවයි.
කෙසේවෙතත් දැනට හුදෙකලා කර ඇති ප්‍රදේශ වල ඇති සිනමාහල් විවෘත කිරීමට අවසර නොමැත.
විවෘත කිරීමට නියමිත සියලු සිනමා ශාලා විවෘත කිරීමට ප්‍රථමයෙන් විෂබීජහරණයට ලක් කළ යුතු අතර සිනමා ශාලා හිමියන් මෙන්ම චිත්‍රපට නැරඹීමට පැමිණෙන්නන් ද සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූලව ක්‍රියා කළ යුතු වේ.
සිනමා ශාලා විවෘත කිරීමට මූලික හේතුව බවට පත් වී ඇත්තේ සිනමා ශාලා වසා තැබීමෙන් එම කර්මාන්තයට හා ඒ හා සම්බන්ධ සියලු කලාකරුවන්ට වන හානිය, පීඩාවන් මග හැරීමට හැකිවන නිසා වෙන් බව සඳහන් කර ඇත.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
