දේශීය

නිවෙසින් පැනගිය කොවිඩ් ආසාදිතයා සොයා ගැනේ

නිවෙස් නිරෝධායනය වෙමින් සිටියදී පැනගිය කොවිඩ් ආසාදිත පුද්ගලයා, මාකොල උතුර ප්‍රදේශයේ සිටියදී අද (27) පෙරවරු 11.00ට පමණ සොයාගෙන ඇත.

අදාළ පුද්ගලයා තවත් කාන්තාවක් සමග නිවසක සිට ඇති බවට අනාවරණය වී ඇත.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ එම නිවසේ දෙවන මහලේ වෛරස ආසාදිත පුද්ගලයා සමග සිටි කාන්තාවගේ දෙමව්පියන් සිට ඇති අතර මේ වන විට  සෞඛ්‍ය අංශ නිවෙස වෙත ගොස් අවශ්‍ය කටයුතු සිදුකරමින් ඇති බවයි.

ඊයේ (26) සවස් කාලයේදී මෙම කොවිඩ් ආසාදිත පුද්ගලයා අතුරුදහන්වී ඇති අතර මෙම සිද්ධිය පිළිබඳ මාධ්‍ය මගින් සිදු කළ දැනුත් කිරීමේ දී ලද තොරතුරකට අනුව අදාළ පුද්ගලයා සොගෙන ඇති බව වාර්තා වේ.

මාකොල උතුර, දේවාල පාර ප්‍රදේශයේ පදිංචි 22 හැවිරිදි නිමේෂ් මධුශංක නම් අයෙක් මෙලෙස පැන ගොස් තිබුණි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *