සේනා දළඹු උවදුර පිළිබඳ සොයා බැලීමට ජනපති වගා බිමට
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ (26) පස්වරවේ අනුරාධපුරය, ඇලෑපත්තුව, පහළගම යන ප්‍රදේශවල සේනා දළඹුවාගෙන් බඩඉරිගු වගා බිම්වලට සිදුව ඇති හානිය සොයා බැලීමට ගොස් ඇත.
පසුගිය වසර දෙක තුළ සේනා දළඹු උවදුර නිසා බඩඉරිගු වගාවට විශාල හානියක් සිදු වීස හේතුවෙන් ගොවීන් දැඩි පීඩාවක සිටින බවත් මේ වසර තුළද දිස්ත්‍රික්ක රැසක වගාවන්ට හානි සිදු වීම හේතුවෙන් අපේක්ෂිත අස්වැන්න ඉහළ ප්‍රතිශතයකින් පහත වැටී ඇති බව ගොවීන් ජනාධිපතිතුමා සමඟ පවසා ඇත.

වගාබිම්වලට ඇති, වන අලි තර්ජනය පිළිබඳව ද ගොවීන් විසින් ජනාධිපතිතුමා දැනුවත් කර තිබේ.
වගා බිම්වලට පැමිණ, තමන් මුහුණ දී ඇති දුෂ්කරතා සොයා බැලීම පිළිබඳව ගොවීහු ජනාධිපතිතුමාට ප්‍රසාදය පළ කළහ.
එසේම මේ අවස්ථාවට මිරිසවැටිය විහාරාධිපති පූජ්‍ය ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියෝ ජනාධිපතිතුමා සමග වැඩම කර සිටියහ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
