ප්‍රසූත නිවාඩු කප්පාදුවට එරෙහිව ලිපියක් ජනපතිට
ප්‍රසූත නිවාඩු කප්පාදු කිරීමට එරෙහිව විරෝධය දක්වමින් සංවිධාන 32 ක් හා එක්ව ඒකාබද්ධ සංවර්ධන නිලධාරී මධ්‍යස්ථානය විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ලිපියක් යෙමුකර ඇත.
2020 සැප්තැම්බර් මස රාජ්‍ය සේවයට බඳවා ගන්නා ලද අභ්‍යාසලාභී උපාධිධාරීන්ට හට මෙතෙක් ලබාදුන් වැඩකරන දින 84 ක ප්‍රසූත නිවාඩු කාලය සති 6 ක් දක්වා අඩුකර තිබීම සම්බන්ධයෙන් තම විරෝධය එම ලිපිය මගින් ඔවුන් ජනාධිපතිවරයාට දන්වා ඇත.
තවද ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ වලට අනුව දරු උපතක සිට අවම මාස 6ක් මව් කිරි ලබා දීම අනිවාර්ය බැවින් එම අවස්ථාව සංවර්ධන නිළධාරින් හට හිමිවිය යුතු අයිතිවාසිකමක් බව එම ලිපිය මගින් පෙන්වා දී ඇත. ජාත්‍යන්තර කම්කරු සංවිධාන පවා අවධාරණය කර ඇති එම අයිතිවාසිකම දරු ප්‍රසූතියකදී සංවර්ධන නිළධාරීන් හට අහිමි නොකරන ලෙස එම ලිපිය මගින් වැඩිදුරටත් දන්වා ඇත.
සැප්තාම්බර් 02 බඳවාගත් අභ්‍යාසලාභී උපාධිධාරීන් 50,000 කට ආසන්න ප්‍රමානයෙන් 38,000 අධික පිරිසක් උපාධිධාරිනියන් වන බව එම ලිපියේ වැඩිදුරටත් සඳහන් වේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
