දේශීය

බස්නාහිරින් පිටව යන පුද්ගලයින්ට කළ ඇන්ටිජන් පරීක්ෂණ වලින් ආසාදිතයින් 61ක්

බස්නාහිර පළාතෙන් පුද්ගලයින් පිටව යෑමේ දී සිදුකෙරුණු ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂණවලින් 61 දෙනෙකු කොවිඩ් ආසාදිතයින් ලෙස හඳුනාගෙන තිබේ.

දෙසැම්බර් මස 18 වන දින සිට අද (29) උදෑසන 6 දක්වා සිදුකළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ 10,000කට ආසන්න සංඛ්‍යාවක් අතරින් එම පිරිස හඳුනාගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා සඳහන් කළේ.

රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ 1,359 ක් ඊයේ (28) දිනයේ දී පමණක් සිදුකර ඇති අතර ඉන් ආසාදිතයින් 7 දෙනෙක් හඳුනාගෙන තිබේ.

එලෙස හඳුනාගත් ආසාදිතයින් 61 දෙනාගේ සමීපතමයින් 315 දෙනෙක් පමණ නිරෝධායනය ක්‍රියාවලියට යොමුකර ඇති බවත් ආසාදිතයින් සියලු දෙනා ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත ඇතුළු කළ බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා වැඩි දුරටත් සඳහන් කරයි.

ජනවාරි මස 5 වන දින තෙක් කොළඹින් පිටව යන පුද්ගලයින් සඳහා ස්ථාන 11ක දී රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාව සිදුකිරීමට නියමිතය.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *