දේශීය

වව්නියාව ප්‍රදේශයේ දී මවක් සිය දියණිය සමග ළිඳට පැන සියදිවි හානි කරගනී

වව්නියාව පරනට්කල් ප්‍රදේශයේ දී කාන්තාවක් ඇයගේ දියණිය සමග ළිඳට පැන සියදිවි හානි කරගෙන තිබේ.

පසුගිය 27 වනදා සිට ඔවුන් අතුරුදන්ව ඇති බවට ඕමන්ත පොලීසියට පැමිණිල්ලක් ලැබී ඇති අතර පොලීසිය සහ ප්‍රදේශවාසීන් එක්ව සිදුකළ සෝදිසියක දී එම කාන්තාවගේ සහ දියණියගේ මළ සිරුරු ප්‍රදේශයේ ළිඳක තිබී සොයාගෙන තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ තුන් හැවිරිදි දියණියක් සහ 42 හැවිරිදි කාන්තාවකි.

මිය යාමට පෙර අදාළ කාන්තාව විසින් සියදිවි හානි කර ගන්නා බවට ලියන ලද ලිපියක් ද ඇයගේ නිවසේ තිබී සොයාගෙන ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් ඕමන්ත පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *