අද සිට 31 වන දා දක්වා දිවයිනපුරා විශේෂ පොලිස් මෙහෙයුමක්
අද (29) සිට 31 වන දා දක්වා දිවයිනපුරා විශේෂ පොලිස් මෙහෙයුමක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත. ඒ නිරෝධායන රීතින් කඩ කරන පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සඳහයි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ විශේෂ අවසර නොගෙන සංවිධානය වන පුද්ගල කණ්ඩායම් අත්ඩංගුවට ගැනීමට හා නිරෝධායන රීති උල්ලංඝනය කරන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සඳහා මෙම මෙහෙයුම සිදු කරන බවයි.
ගතවූ පැය 24 තුළ නිරෝධායන රීති කඩ කළ පුද්ගලයින් 28 දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.
ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ පසුගිය ඔක්තෝබර් 30 වනදා සිට මේ දක්වා අත්අඩංගුවට ගත් සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 1,927 ක් වන අතර එම පුද්ගලයින් අතරින් වැඩි සංඛ්‍යාවකට මේ වන විට නඩු පවරා අධිකරණය මගින් දඩ නියම කර ඇති බවයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
