දේශීය

ගිනි අවියක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

අහුංගල්ල බලපිටිය ප්‍රදේශයේදී ගිනි අවියක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය සඳහන් කළේ පොලිස් විශේෂ කාර්ය බලකා ජයවර්ධනපුර කඳවුරේ නිලධාරින් එක්ව සිදුකළ වැටලීමක දී අදාළ සැකකරු අත්අඩංගුවට ගත් බවයි.

එහිදී සැකකරු සතුව තිබී ස්පාඤ්ඤයේ නිෂ්පාදිත ගිනි අවියක් සහ හිස් කොපුවක් පොලීසිය විසින් සොයාගෙන තිබේ.

සැකකරු බලපිටිය ගොරකගොඩ ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි පුද්ගලයකි.

අත්අඩංගුවට ගත් සැකකරු දකුණු පළාතේ සංවිධානාත්මක ආධාරකරුවෙකු වන අතර ඔහු අද (29) බලපිටිය මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *