ජනවාරි 01 වන දා සිට දුර ගමන් බස් රථ සේවා සාමාන්‍ය පරිදී ආරම්භ කිරීමට සැලසුම්
ජනවාරි 01 වන දා සිට දුර ගමන් බස් රථ සේවා සාමාන්‍ය පරිදී ආරම්භ කිරීමට සැලසුම් කර ඇත.
සියලු බස් රථ හිමියන්ට ජාතික ගමනා ගමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් කර්මාන්ඩර් නිලාන් මිරැන්ඩා මහතා දන්වා ඇත්තේ , සියලු බස් රථ ධාවනයට යළි එක් කරන ලෙසයි.
ලංකා ගමනා ගමන මණ්ඩලය ද , 01 වැනිදා සිට බස් සේවා ක්‍රියාත්මක කිරීම පිළිබඳ අවධානය යොමු කර ඇත.
එසේම දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත්තේ මේ වන විට සාමාන්‍ය පරිදි කාර්යාල දුම්රිය සේවා ක්‍රියාත්මක වන අතර නිසි සෞඛ්‍යය නිර්දේශ ලැබෙනතුරු දුර ගමන් සේවා දුම්රිය ධාවනය තවදුරටත් ක්‍රියාත්මක නොකරන බවයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
