අනුරාධපුර නගර සභාවේ ගිනි නිවන ඒකකයේ ස්ථාන භාර නිලධාරියා රිමාන්ඩ්
අල්ලස් ලබා ගැනීමේදී අත්අඩංගුවට ගත් අනුරාධපුර නගර සභාවේ ගිනි නිවීම් සේවා ඒකකයේ ස්ථාන භාර නිලධාරියා අද (30) අනුරාධපුර මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 11 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
අලුත්වැඩියා කරන ලද ගිනි නිවීම් උපකරණ සඳහා අනුමැතිය ලබාදීමට සැකකරු අල්ලස් ඉල්ලා ඇති බවයි අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සඳහන් කළේ.
ඒ අනුව එක් යන්ත්‍රයක් සඳහා රුපියල් 500 බැගින් යන්ත්‍ර 50 ක් සඳහා සැකකරු ඉල්ලා ඇති අල්ලස් මුදල රුපියල් 25,000 ක් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වැඩි දුරටත් සඳහන් කරයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
