දේශීය

කැබිතිගොල්ලෑවේ ගම සමග පිළිසඳර වැඩසටහනට ජනපති එක්වෙයි

අද (30) ගම සමග පිළිසඳර තවත් වැඩසටහනක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කැබිතිගොල්ලෑව ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ කණුගහවැව ප්‍රාථමික විද්‍යාලයේදී පැවැත්විය.

දරිද්‍රතාවයෙන් පෙළෙන ගම්මාන ආශ්‍රිත ප්‍රදේශවල ජනතාවගේ ජීවන තත්ත්වය නඟාසිටුවීමේ අරමුණින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සංකල්පයක් යටතේ ‘ ගම සමග පිළිසඳර ‘ වැඩසටහන් මාලාව දියත් කෙරිණි.

එම අවස්ථාවට ප්‍රදේශයේ මහජන නියෝජිතයන් හා රාජ්‍ය නිලධාරින් එක්ව සිටි ඇති අතර එහිදී ප්‍රදේශවාසීන් ජනාධිපතිවරයා වෙත සිය ගැටලු ඉදිරිපත් කර තිබේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *