දේශීය

යුක්‍රේනයෙන් ලංකාවට ආ සංචාරකයින් තිදෙනෙක්ට කොවිඩ්

මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත පැමිණි යුක්‍රේන ජාතිකයින් තිදෙනෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.

ඊයේ (29) දින මෙම පිරිස මත්තල ගුවන් තොටුපොළ වෙත පැමිණි අතර ඔවුන් PCR පරීක්ෂාවට ලක්කිරීමට මෙරට සෞඛ්‍ය අංශ ඇතුළු ගුවන් තොටුපොළ බලධාරීන් පියවර ගත්තේය.

සෞඛ්‍ය අංශ වැඩි දුරටත් සඳහන් කළේ ඒ අනුව මොවුන් කොවිඩ් ආසාදිතයින් ලෙස හඳුනාගෙන ඇති අතර විදෙස් රටවල සිට පැමිණෙන පුද්ගලයින් සඳහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කර ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශ ක්‍රියාවලිය අනුව නිරෝධායන ක්‍රියාවලියට යොමුකර ඇති බවයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *