රත්නපුර රෝහලේ වෛද්‍යවරයෙකු ඇතුළු 14කට කොවිඩ්
රත්නපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරුන් ඇතුළු කාර්ය මණ්ඩල සාමාජිකයින් පිරිසක් කොවිඩ් වෛරස ආසාදිතයින් ලෙස හඳුනාගෙන තිබේ.
ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂාවකදී මොවුන් කොවිඩ් ආසාදිතයින් ලෙස හඳුනාගෙන ඇති බව වාර්තා වේ.
රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ වෛද්‍යවරයෙකු ඇතුළු රෝහල් කාර්ය මණ්ඩල සාමාජිකයින් 5දෙනෙකු සහ එම රෝහලේ 24 වන වාට්ටුවේ රෝගීන් 9 දෙනෙකුට කොවිඩ් ආසාදනය වී ඇති බවයි.
මේ අතර අද (30) තවත් වාට්ටු කිහිපයක ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂණ කටයුතු සිදුකෙරෙන බව සඳහන් වේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
