පැනගිය කොවිඩ් ආසාදිත රැඳවියෙක් අත්අඩංගුවට
පොළොන්නරුව ගල්ලෑල්ල කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබමින් සිට පළාගිය එක් රැඳවියෙක් පොලීසිය විසින් සොයා ගෙන තිබේ.
එම ආසාදිත රැඳවියා මාදම්පේ ප්‍රදේශයේ දී සොයාගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 27 හැවිරිදි ආසාදිත රැඳවියා වන අතර ඔහු හිතවතෙකුගේ නිවසේ සිටිය දී පොලීසිය විසින් සොයා ගෙන ඇත.
මේ වන විට ආසාදිත රැඳවියා සිටි නිවසේ පුද්ගලයා නිරෝධායනයට යොමුකර තිබේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
