බන්ධනාගාර ආශ්‍රිතව නව කොවිඩ් ආසාදිතයින් 67 ක් හඳුනා ගැනේ
බන්ධනාගාර ආශ්‍රිත නව කොවිඩ් වෛරස ආසාදිතයින් 67 දෙනෙකු හඳුනාගෙන ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.
එම ආසාදිතයින් සියලුදෙනා පිරිමි රැඳවියන් බව එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.
ඒ අනුව බන්ධනාගාර ආශ්‍රිතව හඳුනාගත් සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 4,016 ක් වන අතර මේ වන විට 3,272 ක් සුවය ලබා ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව වැඩි දුරටත් සඳහන් කරයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
