මාතලේ මහ රෝහලේ වාට්ටුවක් තාවකාලිකව වසා දැමේ
මාතලේ මහ රෝහලේ ශ්වසන රෝග වාට්ටුව තාවකාලිකව වසා දමා තිබේ.
කොවිඩ් ආසාදිතයින් දෙදෙනෙකු හඳුනා ගැනීමත් සමග වාට්ටුව විෂබීජහරණය කිරීම සඳහා මෙම පියවර ගත් බව රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රසාද් ජයසුන්දර මහතා පවසයි.
හඳුනාගත් කොවිඩ් ආසාදිතයින් දෙදෙනා මේ වනවිට තෙල්දෙණිය කොවිඩ් ප්‍රතිකාර ඒකකයට යොමු කර තිබේ.
වෛද්‍ය ප්‍රසාද් ජයසුන්දර මහතා සඳහන් කළේ එම ආසාදිතයින්ගේ සමීපතමයින් 4 දෙනෙකු PCR පරීක්ෂණවලට ලක් කිරීමෙන් අනතුරුව මේ වනවිට නිරෝධායනය සඳහා යොමු කර ඇති බවයි.
රෝහල් කාර්ය මණ්ඩලයට ද කොවිඩ් පරීක්ෂණ සිදුකර ඇති අතර ඔවුන්ට වෛරසය ආසාදනය වී නොමැති බව නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා සඳහන් කර තිබේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
