මැතිවරණ කොමිෂන් සභාව අද රැස්වේ
ජාතික මැතිවරණ කොමිෂන් සභාව අද (31) පෙරවරු 10.00 ට රැස්වීමට නියමිතය.
මැතිවරණ කොමිසම විසින් ඉදිරියේදී ගනු ලබන තීරණ පිළිබඳ සාකච්ඡා කිරීමට රැස්වන බව එහි සභාපති නීතිඥ නිමල් පුංචිහේවා මහතා සඳහන් කරයි.
නව දේශපාලන පක්ෂ ලියාපදිංචි කිරීමේ ක්‍රමවේදය සම්බන්ධයෙන් අද සාකච්ඡාවේදී අවධානය යොමු කිරීමට නියමිතව තිබේ.
එළඹෙන ජනවාරි මාසයේදී නව දේශපාලන පක්ෂ ලියාපදිංචිය යළි ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව ද නිමල් පුංචිහේවා මහතා වැඩි දුරටත් සඳහන් කරයි.
ජාතික මැතිවරණ කොමිෂන් සභාව සඳහා නව සාමාජිකයින් පත් කිරීමෙන් අනතුරුව මැතිවරණ කොමිසම රැස්වන දෙවන අවස්ථාව මෙය වේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
