යුක්‍රේනයේ සිට මෙරටට පැමිණි තවත් සංචාරකයින් තිදෙනෙක්ට කොවිඩ්
මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත පැමිණි තවත් යුක්‍රේන ජාතිකයින් තිදෙනෙකු කොවිඩ් ආසාදිතයින් ලෙස හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.
ඒ අනුව කොවිඩ් ආසාදනය වී ඇති සමස්ත යුක්‍රේන ජාතිකයින් සංඛ්‍යාව 6ක් දක්වා ඉහළ ගොස් තිබේ.
කොවිඩ් -19 වසංගතය හමුවේ අත්හිටුවා තිබූ මෙරටට සංචාරකයින් ගෙන්වීමේ වැඩපිළිවෙළ යටතේ දෙසැම්බර් මස 28 වන දින යුක්‍රේන ජාතිකයින් 180 දෙනෙක් දිවයිනට පැමිණියේය.
Please follow and like us: