දේශීය

සිනමා ශාලාවල විදුලි බිල්පත් ගෙවීමට සහන කාලයක් – විදුලිබල අමාත්‍යාංශය

කොවිඩ්-19 තත්ත්වය හේතුවෙන් ගෙවීමට නොහැකි වූ හිඟ විදුලි බිල්පත් පියවීම වෙනුවෙන් සිනමා ශාලා හිමියන්ට සහන කාලසීමාවක් ලබාදිමට විදුලිබල අමාත්‍යාංශය තීරණය කර තිබේ.

ඒ අනුව 2020 මාර්තු මස සිට දෙසැම්බර් මස දක්වා ගෙවීම් නොකරන ලද විදුලි බිල්පත් 2021 වසරේ දෙසැම්බර් දක්වා වූ කාලසීමාව තුළ සමාන වාරික වශයෙන් ගෙවීමේ අවස්ථාව අදාළ සිනමාහල් හිමියන්ට ලබාදී තිබේ.

මෙම කාලසීමාව තුළ හිඟ බිල්පත් මත විදුලිය විසන්ධි කිරීමෙන් වළකින ලෙස අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා විසින් ලංකා විදුලිබල මණ්ඩලයට සහ ලංකා විදුලි පුද්ගලික සමාගමට උපදෙස් දුන් බව නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශය පවසයි.

චිත්‍රපට සංස්ථාව සහ චිත්‍රපට ප්‍රදර්ශනකරුවන්ගේ සංගම් මගින් කළ ඉල්ලීම් ද සලකා බලා එම සහනය ලබාදීමට තීරණය කළ බව විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා අවධාරණය කරයි.

ඒ අනුව  ජාතික චිත්‍රපට සංස්ථාවේ ලියාපදිංචි දිවයින පුරා පිහිටා ඇති සිනමා ශාලා 194කට පමණ මෙම විදුලි බිල්පත් ගෙවීමේ සහනය හිමි වේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *