මහව නගරයේ දී පොලිස් සැරයන්වරයෙකුට තියුණු ආයුධයකින් පහරදෙයි – දෙදෙනෙකු අත්අඩංගුවට
මහව නගරයේ දී රාජකාරියේ නිරතව සිටි පොලිස් සැරයන්වරයෙකුට තියුණු ආයුධයකින් පහර දුන් පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
නගරයේ සැක කටයුතු ලෙස හැසිරුණු පුද්ගලයින් 04 දෙනෙකුගෙන් ප්‍රශ්න කිරීමට යාමේදී ඉන් එක් පුද්ගලයෙකු මෙලෙස පොලිස් සැරයන්වරයාට තියුණු ආයුධයකින් පහර දී බරපතල තුවාල සිදුකර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ.
සිද්ධිය සම්බන්ධයෙන් මහව මුලස්ථාන පොලිස් පරීක්ෂකවරයා විසින් වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
