විදේශීය

යේමනයේ ඒඩන් ගුවන්තොටුපොළේ පිපිරීමකින් 22 ක් ජීවිතක්ෂයට

යේමනයේ ඒඩන් ගුවන්තොටුපොළේ සිදු වූ විශාල පිපිරීමකින් පුද්ගලයින් 22 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

පිපිරීමෙන් තවත් පුද්ගලයින් 50 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බවයි යේමන අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා තහවුරු කළේ.

යේමන නව රජයේ ඉහළ තනතුරු දරන පිරිසක් රැගත් ගුවන් යානයක් සෞදි අරාබියේ සිට පැමිණ සුළු වේලාවකින් පසු මෙම පිපිරීම සිදුව ඇති අතර එම ගුවන් යානයෙන් පැමිණි නව රජයේ කැබිනට් මණ්ඩලය ඇතුළු පිරිසට ප්‍රහාරයෙන් හානියක් වී නොමැත.

ගුවන්තොටුපොළට එල්ල වූ ප්‍රහාරයෙන් පසු ඒඩන් හී මාෂෙක් ජනාධිපති මන්දිරය අවට ප්‍රදේශයක තවත් පිපිරීමක් සිදුව තිබේ.

මෙම පිපිරීම් සම්බන්ධයෙන් මෙතෙක් තහවුරු කරන ලද තොරතුරක් වාර්තා වී නොමැති අතර ප්‍රහාරයේ වගකීම කිසිදු කණ්ඩායමක් භාරගෙන නොමැති බව ද යේමන බලධාරීන් පවසයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *