විදෙස්ගතව සිටි තවත් ශ්‍රී ලාංකිකයින් 397 ක් දිවයිනට
මෙරටට පැමිණීමට නොහැකිව විදෙස්ගතව සිරව සිටි තවත් ශ්‍රී ලාංකිකයින් 397 දෙනෙකු අද (01) දිවයිනට පැමිණ තිබේ.
ගෙවුණු පැය 24 තුළ ගුවන් ගමන් 06ක් ක්‍රියාත්මක කරමින් මෙම පිරිස මෙරටට ගෙන්වාගෙන තිබේ.
ඒ අනුව ඩුබායි රැඳී සිටි 48දෙනෙකු, කටාර් රැඳී සිටි 27දෙනෙකු, චෙන්නායි රැඳී සිටි 283දෙනෙකු සහ ඉතාලියේ රැඳී සිටි 28 දෙනෙකු මෙලසෙ දිවයිනට පැමිණ තිබේ.
ඔවුන් සියළුදෙනා PCR පරීක්ෂණවලට යොමුකිරීමෙන් අනතුරුව නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කර ඇති බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
