ගත වූ පැය 24 තුළ රිය අනතුරුවලින් 12 දෙනෙකු ජීවිතක්ෂයට
ගත වූ පැය 24 තුළ සිදු වූ රිය අනතුරුවලින් පුද්ගලයින් 12 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
එම කාලය තුළ රිය අනතුරුවලින් පුද්ගලයින් 40 දෙනෙකු තුවාල ලබා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරයි.
බීමත් රියදුරන් 200 දෙනෙකුද එම කාලය තුළ අත්අඩංගුවට ගෙන ඇති අතර පසුගිය 20 වනදා සිට මේ දක්වා කාලය තුළ රිය අනතුරුවලින් ජීවිතක්ෂයට පත් වූ පුද්ගලයන් සංඛ්‍යාව 65 ක් වේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ බීමත් රියැදුරන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක බවයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
