විදේශීය

ඇෆ්ගනිස්ථානයේ මාධ්‍යවේදියෙක් ඝාතනය කෙරේ

ඇෆ්ගනිස්ථානයේ තවත් මාධ්‍යවේදියෙකු වෙඩි තබා ඝාතනය කර තිබේ.

මෙම ඝාතනය සිදුව ඇත්තේ ඇෆ්ගනිස්ථානයේ ගෝර්හි දී වන අතර ගුවන් විදුලි නාලිකාවක ප්‍රධාන සංස්කාරකවරයෙක් ඝාතනයට ලක්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ අනුව ගත වු මාස දෙකක කාලය තුළ ඇෆ්ගනිස්ථානයේ දී ඝාතනයට ලක්වූ පස් වන මාධ්‍යවේදියා ද මොහු වන බව සඳහන් වේ.

කෙසේවෙතත් අදාළ ඝාතනය කුමන ත්‍රස්ත කණ්ඩායමක් විසින් සිදුකළේ ද යන්න මෙතෙක් අනාවරණය වී නොමැති බව විදෙස් මාධ්‍ය වැඩි දුරටත් සඳහන් කරයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *