Uncategorized

පානම වනජීවි කාර්යාලයට අලාභහානී සිදකළ 5 දෙනෙකු අත්අඩංගුවට

පානම වනජීවි කාර්යාලයට අලාභහානී සිදුකළ පුද්ගලයින් 5 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

දින කිහිපයට පෙර දිවියෙකු විසින් පුද්ගලයෙකු මරණයට පත්කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඊයේ (01) රාත්‍රි පානම වනජීවි කාර්යාලයට අලාභහානි සිදුකර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරයි.

සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කළ පානම පොලීසිය සිද්ධියට සම්බන්ධ එම සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.

එහිදි යතුරුපැදි 2ක්, ත්‍රීරෝද රථයක් සහ පාපැදියක් ද පොලිස් භාරයට ගෙන ඇති බවයි අජිත් රෝහණ මහතා වැඩි දුරටත් සඳහන් කළේ.

සැකකරුවන් පොතුවිල් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර පානම පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.‍


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *