දේශීය

අත්‍යවශ්‍ය ආහාර වර්ග 10 ක් ස්ථාවර මිලක් යටතේ පාරිභෝගිකයින්ට – වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන

ලබන පෙබරවාරි මාසයේ සිට සතොස හා සමූපකාර හරහා අත්‍යාවශ්‍ය ආහාර වර්ග 10ක් සඳහා ස්ථාවර මිලක් පවත්වාගෙන යාමට වෙළඳ අමාත්‍යාංශය තීරණය කර ඇත.

ඒ අනුව හාල්, පිටි, සීනි, පරිප්පු, ටින්මාළු, හාල්මැස්සන්, ලූණු, ආර්තාපල්, බිත්තර හා කුකුල් මස් යන අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය 10 ස්ථාවර මිලක් යටතේ ලබාදීමට නියමිතය.

වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළේ  පාරිභෝගික ජනතාවට අත්‍යාවශ්‍ය ආහාර සඳහා ස්ථාවර මිලකට ලබාදීමේ මෙම වැඩපිළිවෙල මාස 6ක කාලයක් පුරා සිදු කරන බවයි.

අමාත්‍යාවරයා අනුරාධපුර ප්‍රදේශයේ පැවති උත්සවයකදී මෙම අදහස් ප්‍රකාශ කළේය.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *