දිස්ත්‍රික්ක කිහිපයකට අදත් වැසි
ශ්‍රී ලංකාව ආශ්‍රිත වායුගෝලයේ පවතින තරංගාකාර කැලඹිලි ස්වභාවය හේතුවෙන් දිවයිනේ නැගෙනහිර සහ ඌව ප්‍රදේශවල දැනට පවතින වැසි තත්ත්වය තවදුරටත් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
අද (04) උතුරු, නැගෙනහිර, උතුරු-මැද, ඌව සහ මධ්‍යම පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.
නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොළොන්නරුව, මාතලේ, නුවරඑළිය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 100ට වැඩි තදවැසි ද ඇතිවිය හැකිය.
සෙසු ප්‍රදේශවල සවස 1.00 න් පසුව තැනින්තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.
සබරගමුව සහ බස්නාහිර පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 75ට වැඩි තරමක් තදවැසි බලාපොරොත්තු විය හැකිය.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවරගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
