බහුදින ධීවර යාත්‍රාවකින් මත්ද්‍රව්‍ය කිලෝ 180ක් සොයාගනී – සිව්දෙනෙකු අත්අඩංගුවට
මීගමුවට ඔබ්බෙන් වූ මුහුදේ සිදුකළ විශේෂ නාවික හමුදා මෙහෙයුමකදී රුපියල් කෝටි 60 කට අධික මත්ද්‍රව්‍ය සමග සැකකරුවන් 4 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
බහුදින ධීවර යාත්‍රාවකින් ප්‍රවාහනය කරමින් තිබූ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 100 කට අධික ප්‍රමාණයක් සහ හෂීස් මත්ද්‍රව්‍ය කිලෝ 80 කට ආසන්න ප්‍රමාණයක් අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව පවසයි.
වැටලීම සිදු කරන අවස්ථාවේ අදාළ මත්ද්‍රව්‍ය තොගය උර 9 ක ප්ලාස්ටික් ඇසුරුම් හා පැකට් වශයෙන් සූක්‍ෂමව අසුරා ප්‍රවාහනය කරමින් තිබූ බවයි නාවික හමුදාව සඳහන් කළේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් හලාවත තොඩුවාව ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර මෙහෙයුම සඳහා ගුවන් හමුදාවේ ද සහය ලැබී තිබේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
