විදෙස්ගතව සිටි තවත් ශ්‍රී ලාංකිකයන් 594 දෙනෙකු දිවයිනට
මෙරටට පැමිණීමට නොහැකිව විදෙස්ගතව සිරවී සිටි තවත් ශ්‍රී ලාංකිකයන් 594 දෙනෙකු අද (04) දිවයිනට පැමිණ තිබේ.
ඒ අනුව කුවේට් රැඳී සිටි 376 දෙනෙකු, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි රැඳී සිටි 90 දෙනෙකු, සෞදි අරාබියේ රියාද් රැඳී සිටි 50 දෙනෙකු සහ සිංගප්පූරුවේ රැඳී සිටි 41 දෙනෙකු මෙලෙස දිවයිනට පැමිණි තිබේ.
ඔවුන් සියළුදෙනා PCR පරීක්ෂණවලට යොමුකිරීමෙන් අනතුරුව නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කර ඇත.
එමෙන්ම ගතවු පැය 24 තුළ විදෙස් රටවල සේවය කර මෙරටට පැමිණ සිටි ශ්‍රී ලාංකිකයින් 249 දෙනෙකු යළි රැකියා සඳහා පිටත්ව ගොස් තිබේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
